-5.2 C
New York

“මනූෂ අත්අඩංගුවට ගන්න හේතුවක් නෑ. සැකකරුවෙක් නොවේ” – CID අධිකරණයට කියයි

Published:

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් ඉදිරිපත් වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර තමන් අත්අඩංගුවට ගතහොත් ඇප ලබාැනීමට හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්න යැයි මනූෂ නානායක්කාර විසින් ඉල්ලා තිබූ පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභා කෙරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් මෙම ඇප ඉල්ලීම අද (22) ප්‍රතික්ෂේප කරන ලදී.

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සැපයීමේ “ඊ 8 වීසා ගිවිසුම” සම්බන්ධයේන විමර්ශනය කරන රහස් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බැවින් ඊට පෙර මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා විසින් අපේක්ෂිත ඇප පෙත්සම පසුගිය 15 වැනි දා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා සහ තැනැත්තන් වෙළෙඳාම් හා ජාවාරම් කිරීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වග උත්තරකරුවන් කර තිබිණි.

එම පෙත්සමට අනුව ඉදිරිපත් කර තිබූ නොතීසියක් අනුව අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පසුගිය 20 වැනි දා අධිකරණයට කරුණු දක්විමන් කියා සිටියේ මනූෂ නානායක්කාර මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස මේ දක්වා නම්කර නොමැති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි අනාවරණය වී නැතැයි ද එහි දී ප්‍රකාශ කෙරිණි.

රහස් පොලිසියේ මෙම කරුණු දැක්වීමෙන් පසු මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා ඊයේ (21) රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළේය.

පෙත්සම්කාර මනූෂ නානායක්කාර වෙනුවෙන් අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ මනූෂ නානායක්කාර මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බැවින් සහ විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවරා පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

මේ කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඇප පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට නියෝග ක‍ළාය.

Related articles

Recent articles

spot_img