-5.2 C
New York

විවාහවන වයස සංශෝධනය කිරීමේ යෝජනාවක්

Published:

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය්නගේ සංසදයේ සභාපති අමාතය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති සාකච්ඡාවක දී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව විවාහවන වයස් සීමාව දැක්වෙන්නේ වෙනස් වෙනස් ආකාරවලිනි. එය සංශෝධනය කර විවාහ වීමේ වයස පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී තිබේ.

මේ අතර ‘ළමයා’ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී ඇත.

Related articles

Recent articles

spot_img