ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්ති සඳහා පහසුකම් ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ලෝක බැංකු නියෝජිතයෝ කීහ.
ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් ශ්‍රී ලංකාවේ කරන ලද දෙදින නිල සංචාරය අද (22) දින නිමා කළේය. එම සංචාරයේ දී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර තිබුණි.
රයිසර් මහතාගේ මෙම සංචාරයේදී අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට දරිද්‍රතාවය අඩු කිරීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම සඳහා රජයේ කැපවීම ඇතුළත් විය.
ඉදිරි මාස තුන තුළ ඩොලර් මිලියන 200 ක ප්‍රධාන ව්‍යාපෘති තුනකට මූල්‍යකරණය කිරීමට සැලසුම් කර ඇති ලෝක බැංකුව මෙම ක්ෂේත්‍රවල සිය සහයෝගය නැවත තහවුරු තිබේ.