spot_img
spot_imgspot_img

මාලිංගගේ “KILLER” දොරට වඩියි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග නමින් “KILLER” නමැති කෘතියක් ඊයේ (20) කොළඹ දී එළිදක්වනු ලැබීය.

එම ග්‍රන්ථයේ පන්දු යැවීම් සම්බන්ධ කරුණු 21ක් ඇතුළත්ය. එම උත්සවය සඳහා සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙනඩිස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් එක්ව සිටියහ.

අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා, මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

මෙම කෘතියේ පළමු පිටපත මාලිංගගේ පියා අතින් පළමුව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත පිරිනැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!