spot_img
spot_imgspot_img

වී සඳහා සහතික මිලක් නෑ, අවම මිලක්

පුවත්

විදෙස්

වී මිල දී ගැනීම සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් තීරණය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

වී සඳහා නිෂ්පාදන පිරිවැයක් තීරණය කිරීමෙන් අනතුරුව මෙම අවම මිල ගැන තීරණය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන 05ක් එක් වී අදාල අධ්‍යයන කටයුතු සිදුකරන බවත්, වී සඳහා වන නිෂ්පාදන පිරිවැය තීරණය කිරීමේ දී රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය ඇතුළත් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිල තීරණය කරන බවයි. නිසි ප්‍රමිතියට වී සපයන ගොවීන්ට රුපියල් 2.00 බැගින් අමතර මුදලක් ගෙවීමට ද සැළසුම් කර ඇති බවයි.

එමෙන් ම රජය මිල දී ගන්නා වී තොග අළෙවි කිරීමට බලාපොරොත්තුවක් නැත. ඒවා සහල් කර සාධාරණ මිළකට ජනතාවට අළෙවි කිරීම රජයේ අපේක්ෂාව වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!