spot_img
spot_imgspot_img

චීනයෙන් ලංකාවට, තවත් සම්මන්ත්‍රණ ශාලාවක්

පුවත්

විදෙස්

චීනයෙන් තවත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ශ්‍රී ලංකා‍වට ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එම නව සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට යෝජිතව ඇත්තේ කොළඹ වරාය නගරයේ ය. ජාත්‍යන්තර වෙළෙඳ සමුළු සහමහා පරිමාණ උත්සව පැවැත්වීම සඳහා ඉදිකිරීමට යෝජිත මෙම නව සම්මන්ත්‍රණ ශාලාව ප්‍රමාණයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ද ඉක්මවා යනු ඇත.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ ද චීන ආධාර යටතේ වන අතර මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී හම්බන්තොට නගරයේ දී ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකෙරිණි. ඒ අනුව යෝජිත නව සම්ම්ත්‍රණ ශාලාව චීන අනුග්‍රහයෙන් මෙරට ඉදිවන තුන්වැනි සම්මන්ත්‍රණ ශාලාව වනු ඇත.

“මෙම සම්මේලන මධ්‍යස්ථානය කොළඹ වරාය නගරය ගෝලීය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරන අතර ජාත්‍යන්තර වෙළඳාම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අපගේ කාර්යභාරය ශක්තිමත් කරනු ඇත,” ජනාධිපතිතුමා පැවසීය.  

චීන සංචාරයේ දී ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 20 ක්) ප්‍රදානයක් ලබා දීමට පොරොන්දු වූ බව ද ජනාධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!