spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරුන්ට වාහන ?

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් වාහනයක් ලබාදීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඉදිරියේ දී කිසිදු මන්ත්‍රීවරයකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවත්, ඔවුන්ට තම කටයුතු කරගැනීම සඳහා වාහනයක අවශ්‍යතාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය වාහනයක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම සිදුකෙරිණි. එම වාහන ආනයන බලපත්‍රය ඇතැම් මන්ත්‍රීවරු තම හිතවතුන්ට අළෙවි කළ අතර තවත් පිරිසක් වාහනයක් ගෙන්වාගෙන ඒවා භාවිතා කළහ. එම වාහන නඩත්තු කිරීම, රක්ෂණය කිරීම ආදී සියල්ල සිදු කෙරුණේ ඒ ඒ පුද්ගලයන් විසිනි.

මෙවර රජය ගෙන ඇති තීරණය අනුව සිදුවන්නේ රජයෙන් සුඛෝපභෝගී වාහනයක් මන්ත්‍රීවරුන්ට ලබාදීමයි. එලෙස ලබාාදෙන වාහන සඳහා බලපත්‍ර ලබාගැනීම්, රක්ෂණය කිරීම සහ නඩත්තුව ආදී සියලු කටයුතු රජයෙන් ම සිදුකරනු ඇත.

3 COMMENTS

  1. ඉස්සර සිද්ධ උනේ වාහන apermit එකත් දීලා ඊට අමතරව රජයෙන් නිල වාහනත් ලබාදීලා ඒවායේ සියලුම නඩත්තු කටයුතු රජයේ වියදමින් කරපු එක නේද?

    මේ ලිපියේ ඔබතුමා මතුකරන්න හදන්නේ වාහන permit එක නොදීම නිසා රජයට වැඩිපුර වියදමක් යනවා කියන අදහස ද? ඒක වැරදි අදහසක් නේද?

    • මීට ඉහත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ පළාත් සභා මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දුන්නේ නෑ මහත්මයා. එයාලට දුන්නේ තීරුබදු රහිත වාහනයක් ගෙන්වන බලපත්‍රයක් විතරයි. ඒක සමහරු විකුණලා පොඩි වාහනයක් ගෙන්නුවා. තවත් අය ඒ බලපත්‍රයෙන් වාහන ගෙනැල්ලා වෙළෙඳ පොළ වටිනාකමට විකුණුවා. තවත් සමහරු වාහන ගෙන්වලා භාවිතා කළා. එතකොට මන්ත්‍රීවරු පාවිච්චි කළේ පුද්ගලික වාහනයක්. මේ වාහනයේ බලපත්‍ර ගාස්තු, රක්ෂණ ගාස්තු, අලුත්වැඩියා ගාස්තු, අනතුරක් සිදුවුණාම කරන දේවල් සියල්ල එයාලාම කරගත්තා. ඉන්ධන දීමනාව කොහොමත් දුන්නා.
      නමුත් දැන් තීරණය කරලා තියෙන්නේ සියලු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් දෙන්න. එතකොටට එයාලට සුපිරි වාහන ලබාදේවි. V8, ඩිස්කවර්, බෙන්ස්, BMW ව‍ගේ වාහන. ඒවා නඩත්තු කරන්නේ රජයෙන්. රියදුරෙක් රජයෙන්, රියදුරාට වැටුප් ගෙවන්නේ රජයෙන්, ඉන්ධන දීමනාව කොහොමත් පෙර පරිදිම ලැබේවි. ඒ විතරක් නෙවෙයි වාර්ෂික බලපත්‍ර ගාස්තු, ඉන්ෂුවරන්ස් ගාස්තු, අලුත්වැඩියා ගාස්තු සියල්ල රජයෙන්, ගෙවන ටයර් පවා දාන්නේ රජයෙන්. මගේ අදහස නම් මෙය රජයට අමතර බරක්. රජයෙන් මන්ත්‍රීවරුන්ට වාහනයක් දීම තවත් මුදල් නාස්තියක්. උදාහරණයක් හැටියට හිතන්න ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට පත්වුණා කියලා. ඔබට තීරුබදු රහිත බලපත්‍රය ලැබුණට ඔබට බෑ කෝටි 05ක විතර වාහනයක් ගන්න. ඔබ ගන්නේ පුංචි වාහනයක්. ඒකේ නඩත්තුව සහ සියලු දේ ඔබ කරනවා. නමුත් ඔබට රජයෙන් වාහනයක් දෙනවානම් ඔබට සුපිරි වාහනයක් ලැබේවි. ඒක නඩත්තු කරන්නෙත් රජයෙන්. මරු නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!