-2.1 C
New York

“ජනාධිපති කියන දේ වෙන්නේ නෑ” – බිමල්

Published:

ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වරායේ ඇතිවන ප්‍රමාද සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි මේ තත්වය ගැන සතුටු වෙන්නේ නෑ. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හැමදෙනාම ඒක කරනවා කියලා පෙන්නේ නැහැ. පැය 24ම වැඩකරන්න කියලා කිව්වට වරායේ ඇතැම් අංගන අලුයම 3.20ට කලින් වැඩ නතරවෙනවා. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කරලා ලොරි එනතුරු හිටියා.  නමුත් ලොරි වරාය තුළ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි බලාපොරොත්තු වුණා නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනී කියලා ඒකට හොඳම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කේ නෑ පුද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා කියලා. ඒ නිසා ජනවාරි 31 දක්වා බලනවා. ඉතින් කරුවුරුත් දායක වෙන්නේ නැත්නම් රටට ඇත්ත කියනවා. ඒ නිසා ආණ්ඩුව කැපවෙනවා නම් අනිත් අය කැපවෙන්න ඕනේ.”

Related articles

Recent articles

spot_img