-2.1 C
New York

ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානමක්

Published:

දැඩි වර්ෂාව හේතුවෙන් ගල්ඔය ග‍ෙඟේ බැම්ම කැඩීයාමේ අවදානමක් ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි.

මේ හේතුවෙන් දැනටමත් 40ක පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමුකර තිබේ.

සේනානායකපුර ප්‍රදේශයෙන් ගල්ඔය ගඟේ ඉවුරු ඛාදනයවීමක් සිදුවෙලා තියෙනවා. එතන තාවකාලිකව වැලි කොට්ට ගහලා පිළිසකර කිරීමේ හැකියාවක් නැහැ. දැනට කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පමණයි තියෙන්නේ. කැඩිලා නැහැ. බැම්ම කැඩී ගියොත් අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනානායකපුර, සාමපුර කියන ග්‍රාම නිලධාරි වසම්වල සුදුවැල්ල ප්‍රදේශයේ ජීවත්වන පවුල් ගණනාවකට ගංවතුර තත්ත්වයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද සවස මේ ප්‍රදේශයේ පවුල් 40ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යොමුකළා.”

Related articles

Recent articles

spot_img