spot_img
spot_imgspot_img

බස්නාහිරට සහ දකු‍ණට ඇති අපරාධ කොට්ඨාස සෙසු පළාත්වලටත්

පුවත්

විදෙස්

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අපරාධ මර්ධනය කිරීමටත්, විමර්ශන කටයුතු විධිමත් කිරීමත් මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විටත් බස්නාහිර හා දකුණු පළාත් සඳහා අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!