ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් හඳුන්වාදුන් LankaQR මගින් සේවා ලබා ගැනීමේ දී ව්‍යාපාරික ආයතනවලින් දැරීමට සිදුවන ගාස්තුව 01%ක් දක්වා ඉහළ දමා ඇතැයි ව්‍යාපාරිකයෝ චෝදනා කරති.
ඩිජිටල් යුගයකට යන බව පවසන රජය ව්‍යාපාරිකයන් සහ ගනුදෙනු කරුවන් ඩිජිටල් ගෙවීම්වලින් ඈත් කිරීමට මෙම තීරණය ඉවහල්වනු ඇතැයි ඔවුන් නගන මැසිවිල්ලකි.
මීට අමතරව එක් ගනුදෙනුවක් සඳහා පෙර පැවති සීමාව (Per transaction limit ) වන රුපියල් 200,000 , රුපියල් 500,000 දක්වා වැඩි කිරීමටද පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව මීට පෙර තිබුණේ 0.5%ක් ලෙසිනි. එය මේ වනවිටි දෙගුණයක් බවට පත්කර ඇත.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් හෙළකුරු ආයතනය හිමි භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධානී ධනික පෙරේරා විසින් සමාජමාධ්‍යවල මෙවැනි අදහසක් පළකර තිබිණි.
“MDR එක නොහොත් QR payments accept කිරීමේදි ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව කලින් තිබුණේ 0.5% ක් ලෙසයි. එය දෙගුණ කිරීම තව තවත් කුඩා ව්‍යාපාර QR payments වලින් ඈත් කරන්න හේතු වෙන්න පුළුවන්.Per transaction limit එක කලින් තිබුණේ රු.200,000.00ක්. එය රු.500,000.00ක් දක්වා වැඩි කිරීම නම් හොඳ දෙයක්.”
MDR (merchant discount rate) ලෙස හැඳින්වෙන යම් ගෙවීමේ ක්‍රමයක් භාවිත කරමින් ගනුදෙනුවක් සිදුකිරීමේදී ව්‍යාපාරිකයාගෙන් අය කෙරෙන ගාස්තුව දේශීය ගනුදෙනු සඳහා මින් පෙර පැවතුණේ 0.5%ක් ලෙසයි.
මේ සම්බන්ධයෙන් LankaPay (Pvt) Ltd ආයතනයෙන් කළ විමසීමකදී එම ආයතනය සඳහන් කළේ මෙම ගාස්තු වැඩි කිරීම පිළිබඳව බැංකු හරහා පාරිභෝගිකයින් වෙත දැනුම් දී ඇති බවයි.
LankaQR මඟින් වෙළඳුන්ට ගෙවීම් සිදු කිරීමේදී එම මුදල ගෙවන පාරිභෝගිකයාගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය වෙන්නෙ නැත.
LankaQR ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ලංකා pay පුද්ගලික ආයතනය, සියලුම බැංකු හා මූල්‍ය ආයතන සමඟ එක්ව තම බැංකු ගිණුම් හරහා පාරිභෝගිකයින්ට වෙළඳුන් වෙත ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.