මහාචාර්ය සුරංජිත් එල් සෙනෙවිරත්න ලියූ ලිපියක පරිවර්ථනයකි
චීනයේ පැතිරෙමින් යන වයිරස් රෝගයක් පිළිබඳ මේ දිනවල ලෝකයේ දැඩි අවදානයක් යොමුව තිබේ. බොහෝ දෙනෙක් ඒ ගැන වැඩිය අසා නොතිබුණි. මේ වයිරස් රෝගය Human Metapneumovirus (HMPV) ලෙස පවසයි.
HMPV යනු කුමක්ද?
Human Metapneumovirus යනු පොදු ශ්වසන වයිරසයකි. එය තනි තනි RNA වයිරසයක් වන අතර Paramyxoviridae නම් වයිරස් කාණ්ඩයට අයත් වේ. මෙම වයිරසය 2001 දී නෙදර්ලන්තයෙන් සොයා ගන්නා ලදී. මෑත සොයාගැනීම්වලින් පෙනී යන්නේ මෙම වයිරසය වසර 50 කට වැඩි කාලයක් ලෝකයේ රටවල් ගණනාවක ශ්වසන ආසාදනවලට හේතුවක් වී ඇති බවයි. වයිරසයට නිරාවරණය වීම සහ මුල් රෝග ලක්ෂණ මතු වීම අතර කාලය දින 03-06ත් අතර වේ.
HMPV ආසාදන ඉතා සුලබ බව හඳුනාගෙන ඇත. බොහෝ පුද්ගලයන්ට වයස අවුරුදු 05 ට පෙර අවම වශයෙන් එක් වරක් මෙම ආසාදනය ඇති විය හැකිය. මෙම වයිරසය මගින් පුද්ගලයෙකු වාර කිහමිපයක් ම ආසාදනය වීමට ඉඩ ඇත. ළමුන් අතර, HMPV ආසාදන සියලුම ශ්වසන ආසාදනවලින් 1/10 ක් පමණ වන බව පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. සෘතු වෙනස්කම් පැහැදිළිව දක්නට ඇති රටවල, මෙම ආසාදනය ශීත ඍතුවේ හෝ මුල් වසන්ත මාසවලදී ව්‍යාප්ත වේ.
HMPV පැතිරෙන්නේ කෙසේද?
HMPV ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ ශ්වසන ස්‍රාවයන් මගිනි. ඔබ ආසාදිත පුද්ගලයෙකුගේ ජල බිඳිති සමඟ සම්බන්ධ වුවහොත් (ආසාධිත පුද්ගලයා කිවිසුම් යාම හෝ කැස්ස හරහා) හෝ ඔබ ආසාදිත මතුපිටක් ස්පර්ශ කිරීමෙන් පසු ඔබේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කළහොත් යමෙකු වයිරසයට නිරාවරණය විය හැකිය. වයිරසය පැතිරිය හැකි වෙනත් ක්‍රමවලට වන්නේ: වයිරසය අඩංගු මතුපිට ස්පර්ශ කිරීම හෝ ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම (අතට අත දීම හෝ ස්පර්ශ කිරීම වැනි)
HMPV ආසාදන ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද?
HMPV ආසාදන නිසා කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම, කැස්ස හෝ උගුරේ අමාරුව වැනි මෘදු සීතල වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. මේවා සාමාන්‍යයෙන් දින කිහිපයක් පවතී. කලාතුරකින් අවස්ථාවක දී, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය තුළ, වඩාත් බරපතල රෝග ලක්ෂණ ඇති විය හැකියි.
HMPV ආසාදන ඇතැම් කණ්ඩායම්වල බහුලව පවතින බව කියනු ලැබේ
අලුත උපන් බිළිඳු දරුවන්, වයස අවුරුදු 05 ට අඩු ළමුන්, අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ඇදුම හෝ නිදන්ගත පෙනහළු ආබාධ ඇති අය, , දුර්වල ප්‍රතිශක්තිය ඇති අය, පිළිකා හෝ එච්.අයි.වී හෝ ඉන්ද්‍රිය බද්ධ කළ පුද්ගලයින් වැනි අය අතර මේ රෝගය ව්‍යාප්තිය වැඩිය.
බොහෝ විට HMPV ඔවුන්ගේ ශ්වසන රෝග ලක්ෂණ ඇති කරන්නේ දැයි පුද්ගලයා නොදනී. රෝග විනිශ්චය පරීක්ෂණ බොහෝ පුද්ගලයන් භාවිතා නොකරන අතර, අඩු ප්‍රතිශක්තිකරණ තත්වයන් ඇති අය හෝ රෝහල් ගත කිරීම අවශ්‍ය අය වැනි දරුණු අවස්ථාවල දී පමණක් සලකා බැලිය හැක. එවැනි අවස්ථාවන්හිදී නාසයේ හෝ උගුරේ සිදුකරන පරීක්ෂණයකින් වයිරසය හඳුනාගත හැකියි. වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ ඉක්මන් ප්‍රතිඵල ලබා දෙයි, නමුත් අණුක පරීක්ෂණ වඩා නිවැරදි වේ.
HMPV ආසාදන පැතිරීම වළක්වා ගන්නේ කෙසේද?
අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් නිතර අත් සේදීම සහ නොසෝදා අත්වලින් කෙනෙකුගේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම. හොඳ ශ්වසන සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම වැදගත්ය. ඔබ කැස්ස හෝ කිවිසුම් යන විට ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීම අවශ්‍ය වේ. කෙළ සහ සෙම බැහැර කිරීම ද නිසි පරිදි සෞඛ්‍යාරක්ථිව කළ යුතුය ජනාකීර්ණ ස්ථානවල විශේෂයෙන් ශ්වසන ආසාදන බහුලව ඇති ප්‍රදේශවල පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳීම කළ යුතුය. ඊට අමතරව, ශ්වසන ආසාදන ඇති අය ද මුඛ ආවරණ පැළඳිය යුතු අතර අන් අය සමඟ අනවශ්‍ය සම්බන්ධතා වළක්වා ගත යුතුය.
HMPV ආසාදනවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
විවිධ රෝග ලක්ෂණ සඳහා උපකාරක සත්කාර ලබා දිය යුතුය. බොහෝ පුද්ගලයින් නිසි විවේකය ප්‍රමාණවත් තරල සහ රෝග ලක්ෂණ ප්‍රතිකාර අනුගමනය කළහොත් නිවසේදී ම සුවය ලබයි. ප්‍රකෘතිමත් වීමේ කාලය සාමාන්‍යයෙන් සති එකක් හෝ දෙකක් පමණ වේ. දැනට HMPV ආසාදන සඳහා ප්‍රතිවයිරස් ප්‍රතිකාර නොමැති අතර ආසාදන වැලැක්වීමට එන්නතක් නොමැත.
HMPV ආසාදනවල වත්මන් තත්ත්වය (2025 ජනවාරි 04 වන විට) කුමක්ද?
එය චීනයේ (විශේෂයෙන් උතුරු ප්‍රදේශවල) රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් ඇත. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 14 ට අඩු ළමුන් අතර වේගයෙන් පැතිර ගොස් ඇත. දැනට, චීනය තවමත් HMPV ආසාදන වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
HMPV ආසාදන වසර ගණනාවක් පුරා පවතී. දැනට, චීනයේ HMPV ආසාදන රටාව, රටවල් කිහිපයක් විසින් සක්‍රීයව නිරීක්ෂණය කරනු ලැබේ. ඉහත දක්වා ඇති පරිදි සංවේදී වැළැක්වීමේ පියවරයන් අනුගමනය කිරීමෙන් මෙම වයිරසය පැතිරයාම වළක්වාගැනීමට හැකිවනු ඇත.