උද්ධමනය ස්ථාවර වීම 2025 වර්ෂයේ මැද දී සිදුවනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
2025 නව වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ උත්සවයේ දී අද (08) මහබැංකු අධිපතිවරයා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ කීවේය.
“2025 මැද භාගව වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණේවි. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේ දී නිවැරිදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි. පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තාමය ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිරි අවදානම් අවමවීමක් ද බලාපොරොත්තු විය හැකියි.”