spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

පුවත්

විදෙස්

අවමන් සහගත පරාජයක් සමඟින් තරඟ තුනකින් සමන්විත නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය ආරම්භ කිරීමට අද (05) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ටර්ගේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.4ක දී ලකුණු 178කට සියලු දෙනා දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 23ක් ඇතුළත අහිමි වූ පසු පිටියේ එකතු වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) හ ජනිත් ලියනගේ  (36) දෙදෙනා එක්ව ලකුණු 87ක සම්බන්ධතාවක් 05 වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ද ඔවුන්ගේ උත්සාහය අභියෝගාත්මක ලකුණු පුවරුවකටට කණ්ඩායම රැගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැත.

වනිඳු හසරංග ලකුණු 35ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන් කිසිවකුට ලකුණු 10 ඉක්මවීමට නොහැකිවීම කැපී පෙනේ.

ඒෂාන් මාලිංග අද ශ්‍රී ලංකා එක්දින වරම් දිනාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරුවා වූ මැට් හෙන්රි තම පන්දුවාර 10 තුළ දී කඩුලු 04ක් බිඳ හෙළුවේ ලකුණු 19ක් පමණක් ලබා දෙමිනි.

ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!