මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට බන්ධනාගාරයේ දී විශේෂ පහසුකම් සළසා ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව නිවේදනය කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම රෝහලේ වාාට්ටුවේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටු අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එහි තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඔහු බන්ධනාගාරගත කරන අවස්ථාව වනවිට ප්‍රතිකාර කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව දුමින්ද සිල්වා මේ වනවිට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවත් සදහන් කලේය. ඒ අනුව ඔහුගේ තත්වය තක්සේරු කරන වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය.
දුමින්ද සිල්වා ඇතුළු බන්ධනාගාරයේ සිටින ඇතැම් රැඳවියන්ට විශේෂ පහසුකම් සලසන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කල අතර මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින් බන්ධනාධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කියා සිටියේ විශේෂ පහසුකම් කිසිවක් සපයා නොමැති බවයි.
දුමින්ද සිල්වාට වෙනම වැසිකිළියක් හෝ වෙනත් විශේෂ සැලකිල්ලක් ලබාදී නොමැති බව මූලික පරීක්ෂණ දෙකක් සහ ස්ථාන පරීක්ෂා කිරීම් අනුව තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය.