spot_img
spot_imgspot_img

ජනාධිපති, මිණිකැට අතරට

පුවත්

විදෙස්

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025”   මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය  ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (04) කොළඹ පුද්ගලික හෝටලයක දී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද සිට  06 වැනිදා දක්වා පැවැත්වේ.

FACETS Sri Lanka ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 31වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර රත්නපුර, ඇළහැර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල සහ කොළඹ වැනි දේශීය මැණික් කර්මාන්තයේ නිරතවූවෝ රැසක් ද මේ ප්‍රදර්ශනයට එක්ව සිටිති.

ලොව පුරා වෙළෙඳුන්, අපනයනකරුවන් සහ තවත් බොහෝ අය සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණකි. “FACETS Sri Lanka 2025” ප්‍රදර්ශනය මඟින් අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර්  බිලියන 01 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගැනීම අපේක්ෂා කෙරේ.

දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත්ම උනන්දුවෙන් එක්වන “FACETS Sri Lanka 2025” ශ්‍රී ලංකාවේ  උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසාරත්වය පිළිබඳ කවුළුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!