spot_img
spot_imgspot_img

කාන්තාවන් වීඩියෝ කර, කප්පම් ඉල්ලූ දෙදෙනකුට සිදු වූ දේ

පුවත්

විදෙස්

රහසිගතව පටිගත කරන ලද තරුණියන්ගේ දර්ශන පෙන්වමින් ඔවුන්ගෙන් කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 10 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබේ.

උතුරු මැද පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්හන අංශය විසින්  ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

ප්‍රධාන සැකකරු මහගල්කඩවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි. එමෙන්ම ඔහුගේ සාහයකයා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

පැමිණිලිකාර කාන්තාව බස් රථයක ගමන්කරමින් සිටිය දී සැකකරු විසින් ඇයගේ දර්ශන පිටිගත කර ඒවා සමාජ මාධ්‍යයට එකතුකරන බව පවසමින් රුපියල් 200,000.00ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලා තිබිණි. සැකකරුවන්ගේ දුරකථන සිම්පත් සහ ඒවායේ ඇති මෙමරි කාඩ්පත් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වලට එම දුරකථන අංක ලබාගෙන ඇති බවයි.

සැකකරු තම අසල්වැසි තරුණියන්, ඔහුගේ මිතුරන්ගේ පෙම්වතියන් සහ නේවාසිකාගාරවල පදිංචි කාන්තාවන් ඇතුළු තරුණියන් කිහිපදෙනෙකුගේ ඡායාරූපද ළඟ තබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!