spot_img
spot_imgspot_img

සුනඛයන් නිසා, ජීවිතත් සල්ලිත් දෙකම අහිමි වෙයි

පුවත්

විදෙස්

මානව ජලභීතිකා එන්නත සඳහා වාර්ෂිකව රජය රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය කරන බවත් ජලභීතිකාව හේතුවෙන් 2024 වර්ෂයේ දී පුද්ගලයන් 20 දෙනකු මියගොස් ඇති බවත් මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව පවසයි.

පසුගිය වසරේ දී සුනඛයන් විසින් කරන ලද සපාකෑම් 300,000ක් පමණ වාර්තා වී ඇති බවත් මානව ජලභීතිකා එන්නත් ලක්ෂ 02ක් පමණ භාවිතා කර ඇති බවත් මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යේෂාන් ගුරුගේ පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දී ජලභීතිකාව හේතුවෙන් මියගිය පුද්ගලයන් 20 දෙනා අතරින් 11 දෙනකුම මියගොස් ඇත්තේ සුනඛයන් සපා කෑමෙන් බවයි. එක් පුද්ගලයකු කලවැද්දකු සපා කෑමෙන් පසු ජලභීතිකාව වැළඳී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් 08 දෙනාට ජලභීතිකාව ඇති වූයේ කෙසේ ද යන්න ස්ථිරව තහවරු කරගෙන නැත.

වෛද්‍ය ගුරුගේ පවසන්නේ මැදි වයසේ පුද්ගලයන් සතුන්ගේ සපා කෑමට වැඩි වශයෙන් ගොදුරුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!