spot_img
spot_imgspot_img

බස්වල වැඩි කෑලි ගලවයි

පුවත්

විදෙස්

මගී ප්‍රවාහන බස්රථවල සවිකර ඇති, මගීන්ට හිරිහැරයක් වන අමතර කොටස් ගලවා ඉවත්කිරීමටත් එම බස්රථවලට එරෙහිව නෛතික පියවර ගැනීමටත් හැටන් පොලිසිය කටයුතු කර ඇත.

මේ අනුව බස් රථ 12ක රියදුරන් ඒවා ගලවා ඉවත්කර නැවත බස් රථ පෙන්වා නොසිටියහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

ක්ලිනින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

මෙම පරික්ෂාවේදි බස් රථ 12 ක සවි කර තිබු අමතර කොටස් ගලවා ඉවත් කර යලිත් හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වෙත දින හතක කාලය තුල පෙන්වන තෙක් එම බස් රථයේ ආදායම් බලපත්‍රය රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් භාරයට ගැණින.

මගි ප්‍රවාහන බස් රථ අනතුරට පත් වන අවස්තාවලදි බස් රථයේ ගමන් ගන්නා මගින්ට බරපතල තුවාල සිදුවිම් වලට හේතුව අන්තරාදායක අමතර කොටස් සවි කර තිබිම නිසා බවට මොටර් රථ පරික්ෂකවරුන් විසින් තහවුරු කර තිබුණි.

මෙම පරික්ෂාවේදි බස් රථවල සවි කර තිබු අධික ශබ්දයෙන් යුතු අමතර නලා, අමතර විදුලි පහන් ගලවා ඉවත් කිරිමට පියවර ගත් අතර, බිමත් රියදුරෙකුද අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරින් කටයුතු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!