-1.1 C
New York

උසස් පෙළ පන්ති මඟහරින, ළමයි ගැන සොයන්න යයි

Published:

උසස් පෙළ සිසුන් පාසල් නොපැමිණීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවත් එලෙස ඔවුන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාසල් දරුවන් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අවස්ථා මඟහැරීම නොකළ යුතුයැයි ඇය පෙන්වා දෙයි.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමින් ඇය මේ බව කීවාය.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති සඳහා විශේෂයෙන් ම පිරිමි ළමයින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී ඇතැයි ද අගමැතිවරිය සඳහන් කළාය.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු අතර පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බව ද ඇය පවසයි.

Related articles

Recent articles

spot_img