රුහුණු කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් හා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයේ මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන ලද ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ළමා ඒකකය අද (02) විවෘත කෙරිණි.
රජයේ රෝහලක් තුළ, ළමයින් වෙනුවෙන් ම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් ඉදිකරන ලදදේ ප්‍රථම වතාවටය.
සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් 2023 වසරේ දී මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ඉදිරිපත් වුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම හේතුවෙන් තෙමහල් වාට්ටු සංකිර්ණය සිව්මහල් වාට්ටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේ දී ජනතා අයිතියට පත්කළේය.
එලෙස ඉදිකරනු ලැබු සිව්මහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිව්වන මහල් යොදාගනිමින් පිළිකා සහිත දරුවන් වෙනුවෙන් මෙම ඇටම්දුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ නව ඒකකය ස්ථාපිත කර ඇත.
මෙම ඒකකයේ සියලු නඩත්තු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපතිවරයා විසින් මෙහිදී එකඟත්වය පළ කරනු ලැබීය.