spot_img
spot_imgspot_img

කුසල්ගේ ශතකයෙන්, ශ්‍රී ලංකාවට ජය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති තුන්වැනි විස්සයි 20 තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහි දී අගනා ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 218ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ නවසීලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකි වූයේ කඩුලු 07ක් දැවී ලකුණු 211ක් පමණි.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 12කට මිචෙල් හේ සමත් වූ අතර ඒ තුන්වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී ය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 24ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් සමග කුසල් ජනිත් පෙරේරා පිටියේ එක් වූ අතර කුසල් මෙන්ඩිස් ද මුළු ලකුණු සංඛ්‍යාව 42ක් වනවිට පිටියෙන් ඉවත් කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඉන් පසු අවිශ්ක ප්‍රනාන්දු 10 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජැකෝබ් ඩෆීගේ දෙවැනි පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව ලකුණු 17කට දැවී ගියේය.  ඒ වනවිට පිටියේ ස්ථාවර වෙමින් සිටි කුසල් ජනිත්ට නායක චරිත් අසලංක එක් වූ අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව පන්දු 45කින් ලකුණු 100ක් විය. කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක පිටියේ රැඳී සිටිය දී නවසීලන්ත පන්දු යවන්නන්ට පිටිය සිසාර ප්‍රහාර එල්ල කෙරුණේ ශ්‍රී ලංකාව පහසුවෙන් ම ලකුණු 200ට ආසන්න වන බවට ඉඟි පළකරමිනි. 17 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී චරිත් අසලංක අර්ධ ශතකය ආසන්නයේ දී ම ලකුණු 46කට දැවී ගිය අතර එ් වනවිට ඔහු මුහුණ දී සිටියේ පන්දු 24කට පමණි. තමන්ට ලැබුණු පන්දු 05ක්ම හතරේ සීමාවට ඉහළින් යැවී චරිත් වාර්තා කළේ එක් හතරේ පහරක් පමණි.

කුසල් ජනිත් පෙරේරා සිය පන්දු 46ක දී ලකුණු 101ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ශ්‍රී ලංකාවේ අභියෝගය ඉතාමත් සැහැල්ලුවෙන් සළකා ඇති බවක් පෙනෙන්නට තිබූ අතර පළමු කඩුල්ල සඳහා පන්දුවාර 7.2ක දී ලකුණු 81ක් වාර්තා කළේය. රොබින්සන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේ බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකින් ලැබුණු උඩ පන්දුවක් ඔහු විසින්ම රැකගැනීම හේතුවෙනි. ඒ වනවිට රොබින්සන් ලකුණු 37ක් ලබා සිටිියේය. අනෙක් ආරම්භක පිතිකරු ස්ථාවර වෙමින් සිටිය දී පන්දුව අතට ගත් නායක චරිත් අසලංක ලකුණු 69ක් ලබා සිටි ඔහු 04 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්කරන විට පන්දු 39කට මුහුණ දී සිටියේය. හතරේ පහර 05ක් සහ හයේ පහර 04ක් එල්ලකර සිටි රවීන්ද්‍ර දැවී ගියේ අසලංකගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ දැවටීමෙනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉතා තියුණු සටහනක් දුන් නවසීලන්ත පිතිකරුවන්ට අවසානයේ ලකුණු 07ක පරාජයක් අත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!