-1.1 C
New York

මේක බොරුවක්, රැවටෙන්න එපා

Published:

ගුවන් මගීන් විසින් රැගෙන නොගිය ගමන්මළු කැමති පුද්ගලයකුට Online ක්‍රමයට මුදල් ගෙවා ලබාගත හැකියැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාරයට නොරැ‍වටෙන ලෙස ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම සමාගමේ නිල සමාජ මාධ්‍ය පිටුවලට සමාන ආකාරයේ නිල ලාංඡන සහ හැඩතල යොදා ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිනුම් සකස්කර කිසියම් කණ්ඩායමක් විසින් එවැනි වංචාවක් සිදුකරන බව ද එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමමිත් ද සිල්වා විසින් නිකුත්කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ මෙම ප්‍රචාරය ගෙන යන පුද්ගලයන් විසින් උපායශීලීව එය සත්‍යයක් බවට දැක්වීමට ව්‍යාජ ප්‍රතිචාර පවා යොදා ඇති බවයි.

එම ප්‍රචාරයන්ට රැවටී එම පුද්ගලයන්ට මුදල් ගෙවීමක් හෝ පුද්ගලික තොරතුරු ලබාදීමක් නොකරන ලෙස ද එවැනි සැබඳිවලට ඇතුළු නොවන ලෙස ද ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක දී ද එවැනි ම දැනුම්වත් කිරීමක් කළත් තවදුරටත් මේ රැවටීම සිදුවන බැවින් එයට නොරැවටෙන ලෙස දන්වා සිටියි.

තව ද මෙවැනි වංචාවක් සිදුකරන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img