-1.1 C
New York

ආණ්ඩුවේ මංගල අයවැය 09 වැනි දා, අයවැය කාලය මාස 02යි දින 12ක්

Published:

2025 වර්ෂය සඳහා  අයවැය ඉදිරිපත් කිරීම ජනවාරි 09 වැනි දා ඉදිරිපත් කිරීමටත්, ඒ සම්බන්ධ විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට අද (31) පාර්ලිමේන්තුවේ දී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර පවසයි.

එම රැස්වීම පැවැතියේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙනි.

එය දෙවැනිවර කියවීමේ කතාව පෙබරවාරි 17 වැනි දා සිදුකරන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම 25 වැනි දා සවස 6.00ට පැවැත්වීමට ද නියමිතව ඇත.

ඉන්පසු එම අයවැයට අදාල කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනුරාදා දින 04ක් ද ඇතුළුව දින 19ක් පැවැත්වේ. තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දා ප.ව.6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාලය තුළ සෑම දිනකම උදෑෂන 9.30 සිට ට10.00 දක්වා වාචික පිළිතුරුර අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා වෙන්කර ඇති අතර උදෑෂන 10.00 සිටට 6.00 දක්වා කාලයේ දී විවාදය පැවැත්වෙයි. ඡන්ද විමසීම පැවැත්වෙන දිනවල දී හැර අනෙක් සෑම දිනක ම සවස 6.00 සිට 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කිරීමට ද මෙහි දී එකඟතාව පළවී ඇත.

Related articles

Recent articles

spot_img