-0.8 C
New York

වකුගඩු රෝගීන්ගේ දීමනාව වැඩි කරයි

Published:

වකුගඩු රෝගීන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රුපියල් 7,500.00ක දීමනාව රුපියල් 10,000.00 දක්වා වැඩි කිරීමට රජය ජනවාරි මාසයේ සිට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීම්ක් මේ දිනවල සිදුකරන අතර එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

Related articles

Recent articles

spot_img