-0.8 C
New York

වී මිල දී ගැනීමටට, මෝල් හිමියන්ට රජයෙන් ණය

Published:

වී මෝල් හිමියන්ට වී මිල දී ගැනීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට වී මිල දී ගැනීමේ අවස්ථා වැඩිකිරීමටත්, වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත් මෙම ණය ක්‍රමයෙන් හැකියාවක් ලැබෙනු ඇතැයි රජයේ අපේක්ෂාවයි.

මීට පෙර ද මෙවැනි ණය යෝජාන ක්‍රමවලින් ඉහළ ප්‍රගතියක් අත් වී ඇති බැවින් මෙවර මහ කන්නයේ සිට සෑම කන්නයක දී ම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව රජය හඳුනාගෙන ඇත.

නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මෙම සහනදායි ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ණය ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

Related articles

Recent articles

spot_img