එක් අධ්‍යයන වර්ෂයක දී රජයේ පාසල් පවත්වන දින ගණන අවම වශයෙන් 210ක් වුව ද ලබන 2025 වර්ෂයේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇත.
පාසල්වල පළමු වාරය ආරම්භ කිරීමට ප්‍රමාදවීමත්, 2025 වසරේ රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් තිබීමත් හේතුවෙන් රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබේ.
ඒ අනුව 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතය.
ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
එමෙන්ම ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26ක් ඇති අතර, ඉන් දින 4ක් පමණක් සතිඅන්තයේ යෙදී තිබේ.
අනෙක් සියලු නිවාඩු දින සතියේ දිනවලට යෙදී ඇති බැවින් දින 210ක කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වීමත් සමග මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා කර තිබේ.