spot_img

දකුණු කොරියාවේ ගුවන් යානයක් අනතුරක, දෙදෙනකු හැර සියලු දෙනා මරුට

පුවත්

විදෙස්

දකුණු කොරියාවේ දී අද (29) උදෑසන සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 122ක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 181 දෙනකු සහිතව දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට පැමිණි මගී යානයක් එම ගුවන්තොටුපොළේ තාප්පයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ජේජු ගුවන් සේවයට අයත්, බොයිං 737-800 වර්ගයේ මෙම මගී ගුවන්යානය තායිලන්තයේ බැංකොක් නගරයේ සිට දකුණු කොරියාව දක්වා පියාසැරිය ආරම්භ කර ඇත්තේ අද අළුයම දී ය. එම යානයේ මගීන් 175 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු සිට ඇති අතර දැනට මළ සිරුරු හමු වී ඇත්තේ 122කුගේ පමණි. පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා සිටිය දී මුදවාගෙන තිබිණි. දකුණු කොරියානු බලධාාරීන් පවසා ඇත්තේ අනෙක් පිරිසගේ ජීවිත සම්බන්ධයෙන් අපේක්ෂා තබාගාැනීමට නොහැකි බවයි.

මුආන් ගුවන්තොටුපොළේ බලධාරීන් පවසන්නේ යානය ගොඩබස්සමින් තිබිය දී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදී ගොස් තාප්පයේ ගැටුණු බවයි.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී ඇත. යානය ගිනිගන්නා අවස්ථාවේ දී ම එහි පැමිණි ගිනි නිවන රථ ගින්න නිවීමට උථ්සාහ කර තිබිණි. ඒ සඳහා ගිනි නිවන රථ 32ක් යොදා ගෙන තිබේ.

යානයේ සිටි මගීන්ගෙන් 173 දෙනකු ම දකුණු කොරියාවේ පුද්ගලයන් වන අතර දෙදෙනකු තායිලන්ත ජාතිකයන් ය.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරයි. කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles