8.6 C
New York

කඩුවක් රැගෙන, ජනපති හමුවෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

Published:

කඩුවක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍යයැයි කියමින් ලොරියකට නැග පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි අයෙකි.

ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරි ඇති  ඔහුට අශෝභන ලෙස හැසිරෙන්න එපා යැයි අන් අය කීමත් සමඟ කෝප වී අසළ නවතා තිබූ ලොරියකට නැග ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් එසේ හමුවීමට අවස්ථාව නොලැබෙන්නේ නම් දිවි තොරකරගන්නා බවත් පවසමින් තර්ජනය කර ඇත.

ඔහුගේ මේ හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දුන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මෙසේ හැසිරෙන්නට ඇතැයි සැකයක් ඇති අතර මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Related articles

Recent articles

spot_img