ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයන් පිරිිසක් විසින් සොයාගන්නා ලද නියමුවන් රහිත යානය ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් බව තහවරු වී ඇත. මෙම යානය සොයාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වෙරළට නාවික සැතපුම් 35ක් පමණ ඈතිනි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ තහවුරු කළේ එම යානයේ පුපුරන ද්‍රව්‍ය කිසිවක් නොමැති බවයි. එමෙන් ම එය තර්ජනයක් ඇති යානයක් නොවන බව ද පුහුණු අභ්‍යාසවලදී ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ඉලක්කගත ඩ්‍රෝන යානයක් බව ද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාව සතුව එවැනි ගුවන් යානා කිසිවක් නොමැති බවද ඔහු කියා සිටියේය.
2020 වසරේ අගෝස්තු මාසයේ දී ද ධීවරයන් පිරිසකට මෙවැනි ම වර්ගයේ ගුවන් යානයක් හමු වී තිබූ බව බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එවකට එම යානය චන්දිපූර් හි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේ (ITR) පරීක්ෂාවට ලක් කර ඇත.
ITR චන්දිපූර් අධ්‍යක්ෂ බිනේ කුමාර් දාස් පැහැදිලි කර ඇත්තේ ඉන්දීය ගුවන් හමුදාව විසින් සිදු කරන ලද සාමාන්‍ය අභ්‍යාසයකට භාවිතා කරන ලද්දක් බවත්, එය භාවිතා කර ඇත්තේ ගුවන් හමුදාවේ සැළසුම්ගත අභ්‍යාස කාර්යයකට බවත්ය. මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා භාවිතයෙන් පසු ජලයට බැහැර කරනු ලැබේ. එය නැවත යථා තත්ත්වයට පත්කීරමට නොහැකි උකරණයක් බවත් හෙතෙම පවසා තිබිණි.
නියමුවන් රහිත මෙම ඩ්‍රෝන යානය Meggitt BTT-3 Banshee යානයක් වන අතර එය මුලින් බ්‍රිතාන්‍යයන් විසින් 1980 දී පමණ ගුවන් ආරක්ෂක පද්ධති පුහුණුව සඳහා සංවර්ධනය කරන ලද්දකි. ප්‍රධාන වශයෙන් වීදුරු ශක්තිමත් කරන ලද ප්ලාස්ටික් වැනි සංයුක්ත ද්‍රව්‍ය වලින් සාදන ලද, වලිග රහිත ඩෙල්ටා පියාපත් සැලසුමක් ඇති යානයකි.