-0.8 C
New York

පළාත් පාලන මැතිවරණයට, සිදුවෙන දේ

Published:

පළාත් පාලන මැතිවරණය සඳහා නැවත නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවිය යුතුයැයි අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය අනුව මෙම නව පනත කෙටුම්පත් කළ බවයි.

එම නව පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර පනත අනුමත වීමෙන් පසු පළාත් පාලන මැතිවරණයට දින නියම කෙරෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් උත්සව කාලයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Related articles

Recent articles

spot_img