spot_img
spot_imgspot_img

ලිංගිකත්වය ගැන නොදත් දේ

පුවත්

විදෙස්

නව යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටිති. ඔවුන් ඉදිරියට පැමිණෙන්නේ ඒ වයස්වලම පසුවන තරුණියන් පිරිසකි. තරුණයෝ මේ තරුණියන්ට විවිධ උසුළු විසුළු කරයි. ඔවුන් දෙස බලා ඉඟිබිඟි පාති. තවකෙක් තරුණියකට ආදරණීය සිනහවකින් සංග්‍රහ කරයි. 

ඒ එක් දිනක් පමණි. 

දෙවැනි තුන්වැනි දිනයේ දී ද ඔවුහු එකිනෙකා මෙලෙස හමුවූහ. ටික දිනක් ගතවෙද්දී මේ නව යොවුන් තරුණයෝ තම තමන්ගේ සිත්ගත් නව යොවුන් තරුණියන් තෝරාගත්හ. පසුව එ් පිරිස අතරින් බොහෝ දෙනෙක් පෙම්වතුන් වූහ. දැන් කණ්ඩායම් දෙකක් නොව එකකි. 

එහෙත් මේ කණ්ඩායමේ සිටි සුපුන් තවමත් තනිවමය. ඉතා කුලෑටි තරුණයකු වූ ඔහු කිසිදු ගැහැනු ළමයකු දෙස බලන්නේ නැත. ඒ නිසාම ඔහු අන් අයගේ සමච්ඡලයට ලක්වෙති. 

තරුණියන් අතර සිටි මේධා හැමදාමත් ඇන්දේ කොල්ලෙකු මෙනි. ඩෙනිම් කලිසමිකින් සහ ටීෂර්ටයටකින් සැරසී පැමිණෙන ඇය තරමක් කළහකාරීය. කොණ්ඩය කොටට කපා සිටින ඇය ඕනෑම අයකු සමඟ වාදයට පමණක් නොව අවශ්‍යනම් පොරයට ද යයි. මේධා තම වයසේ තරුණියන් සමඟ එක්ව සිටීමට ද ප්‍රිය කරන්නේ නැත. ඇය නිතරම තනිව සිටීමට උත්සාහ ගනී. 

නව යොවුන් වියේ දී ඔවුන් මේ පෙන්වන්නේ තම තමන්ගේ ලිංගික සමාජභාවී ස්වරූපයයි. ඔවුන් තමතමන් කැමති ලිංගිකයන් වෙත ආකර්ශනය වීම අරුමක් නොවේ.

පුද්ගලයකුට පුරුෂ ලිංගයක් හෝ ස්ත්‍රී ලිංගයක් හෝ ලැබෙන්නේ උපතේ දී ය. මානවයාට වර්ණ දේහ යුගල 23ක් ඇති අතර ඒ අතරින් එක් වර්ණදේහ යුගලක් කෙනෙකුගේ ගැහැනු පිරිමි බව තීරණය කරයි. කෙනෙකුගේ ලිංගිකත්වය ‍තීරණය කරන වර්ණ දේහවලින් එකක් ලැබෙන්නේ මවගේ ඩිම්බයෙන් වන අතර අනෙක් එක ලැබෙන්නේ පියාගේ ශුක්‍රාණුවකිනි. මව‍කගේ ඩිම්බයේ ඇත්තේ XX වර්ණදේහ පමණයි. නමුත් පියාගේ ශුක්‍රාණුවේ XY වර්ණ දේහ දෙකම ඇත. 

පිරිමින්ගේ ශුක්‍රාණු ඇතිවෙන්නේ ඌනන විභාජනයෙනි. එහි දී xy කියන වර්ණදේහ වෙන්වී x ශුක්‍රාණුවක් හා y ශුක්‍රාණුවක් වේ නමුත් කාන්තාවගේ ඇතිවන ඩිම්බ සියල්ල X නිසා පියාගෙන් Y වර්ණදේහයක් සහිත ශුක්‍රාණුවකින් මේ ඩිම්බය සංසේචනය වුවහොත් නව ජීවියාගේ ලිංගිකත්වය තීරණය කරන වර්ණදේහ යුගලය XY වන අතර එහි දී බිහිවන්නේ පිරිමි ලිංගයක් සහිත ළමයෙකි. නමුත් පියාගෙන් ලැබෙන්නේ X ශුක්‍රාණුවක් නම් මවගේ ඩිම්බයේ X සමඟ එක් වී ඇතිවන්නේ XX සහිත වර්ණ දේහ යුගලක් වීම හේතුවෙන් උපත ලබන්නේ ගැහැනු ලිංගයක් සහිත ළමයෙකි. 

කෙසේ වෙතත් අප සරලව ලිංගභේදය ස්ත්‍රී-පුර්ෂ යන දෙකොටසට පමණක් බෙදුණු ලැබුවද එය ඊට වඩා සංකීර්ණ එකක් බව නූතන විද්‍යාව සොයාගෙන තිබේ. ඇතැම් විටෙක සමහර ගැහැනුන් Y වර්ණදේහයක් සමගද පිරිමින් X වර්ණදේහයන් 03ක් සමග ද උපත ලබයි. එවැනි අය අන්තර් ලිංගික ලෙස හඳුන්වයි. ලිංගිකත්වය තීරණය කරන වර්ණදේහවල ඇතිවන මෙම වෙනස්කම් ජීව විද්‍යාත්මකව ගත්විට ජාන විකෘතියක් ලෙස හඳුනාගෙන තිබේ. එහි දී සිදුවන්නේ ස්ත්‍රියක හෝ පුරුෂයකු ලෙස උපත ලැබුව ද ඔවුන්ගේ අනන්‍යතා ප්‍රකාශනය හෝ දිශානතිය වෙනස් වීමයි. එහි දී ඔවුන් විවිධාකාරයේ වෙනස්කම් පෙන්නුම් කරයි.

අන්තර් ලිංගික ප්‍රජාව ලෝක ජනගහණයෙන් 0.1% පමණ යැයි සැලකේ. එනම් ලෝකයේ ජනගහනයෙන් මිලියන 7.5ක් පමණ අන්තර් ලිංගිකයින් ජීවත්වන බව තක්සේරු කර ඇත.  

ලිංගික දිශානතිය යනු පුද්ගලයෙකු කායිකව, මානසිකව සහ රෝමාන්තිකව තවත් පුද්ගලයකු කෙරෙහි දක්වන ආකර්ෂණයයි. ජීවීන්ගේ බිහිවීමේ දී ම ඔවුන් ලිංග දෙකකට බෙදී ඇත. ඒ ස්ත්‍රීන් සහ පුරුෂයන් වශයෙනි. ඒ නිසාම සමාජය විශ්වාස කරන්නේ පිරිමියකු සහ ගැහැණියක එකිනෙකාට ආකර්ශනය වී ලිංගික සම්බන්ධතා පවත්වා දරුවන් බිහිකරමින් තම වර්ගයා බෝ කළ යුතු බවයි.

නමුත් මානව සමාජයේ ලිංගික දිශානතිය පුළුල් බෙදීමක් තිබේ. එය සාමාන්‍යයෙන් ප්‍රධාන කාණ්ඩ 04 ක් යටතේ වර්ගීකරණය කරයි.  

• විෂමලිංගික: විරුද්ධ ලිංගයේ පුද්ගලයන් වෙත ආකර්ෂණය වීම (උදා: පුරුෂයා කාන්තාව වෙත, කාන්තාව පුරුෂයා වෙත ආකර්ෂණය වීම)

• ද්වීලිංගික: ඕනෑම ලිංගයේ සාමාජිකයන් වෙත ආකර්ෂණය වීම (උදා: පුරුෂයා ස්ත්‍රියට හෝ පුරුෂයාට ආකර්ෂණය වීම සහ ස්ත්‍රියක් පුරුෂයාට සහ ස්ත්‍රියට ආකර්ෂණය වීම)

• සමලිංගික: තමන්ගේ ලිංගයට සමාන පුද්ගලයන් වෙත ආකර්ෂණය වීම. (උදා – පිරිමි අය පිරිමි කෙරෙහි ආකර්ෂණය සහ ගැහැනු අය ගැහැනු අය කෙරෙහි ආකර්ෂණය)

• අලිංගික – කිසිදු ආකාරයක ස්ත්‍රී හෝ පුරුෂ යන දෙපාර්ශවයට ම ආකර්ශනයක් නොදක්වන පුද්ගලයන්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු පුද්ගලයෙකුට හැඟෙන ආකාරය සහ ඔවුන් තම ඇඳුම් පැළඳුම් සහ හැසිරීම් තුළින් තම ලිංගභේදය ප්‍රකාශ කිරීමට තෝරා ගන්නා ආකාරය මත පදනම්ව ඔහුගේ අනන්‍යතා හැඟීමයි.

මෙය සමාජයක් තුල ස්ත්‍රියගේ සහ පුර්ෂයාගේ කාර්යභාරය, භූමිකාව හෝ ලිංගික අනන්‍යතාවය ලෙස හැඳින්විය හැකිය. එනම් ස්ත්‍රී පුර්ෂ සමාජභාවය යනු සමාජීයව නියම වන සමාජ විද්‍යාත්මක කරුණකි. එබැවින් එය සමාජීය සංස්කෘතික සහ පුද්ගලබද්දතාවක් ලෙස හැඳින්වේ.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සමාජීයව ගොඩනගන ලද ස්ත්‍රීන්ගේ සහ පුර්ෂයින්ගේ නෛසාර්ගික ලක්‍ෂණ ය. එනම් ස්ත්‍රීන්, පුර්ෂයින් සහ එම කණ්ඩායම් අතර ඇති වූ සම්මතයන්, භූමිකාවන් සහ සම්බන්ධතාවයන් වේ. ඒවා සමාජයෙන් සමාජයට විවිධාකාර වන අතර වෙනස් කිරීමටද හැකි වේ.” යනුවෙනි ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිර්වචනය කර තිබේ. 

සෑම ජන කොට්ඨාසයක් ම ස්ත්‍රියගේ කාර්යයන්, පිරිමියාගේ කාර්යන් පමණක් නොව ඔවුන් වෙන් වෙන් වශයෙන් හැසිරිය යුත්තේ කෙසේ ද , ඔවුන් ඇඳිය යුත්තේ කෙසේ ද ? වඩාත් වගකීම් දරන්නේ කවරුන්ද ? වඩාත් ශක්තිමත් සහ වෙහෙස වී වැඩ කරන්නේ කවුරුන්ද ? ආදී වශයෙන් විවිධ වෙනස් කිරීම් කර ඇත. එමගින් මානවයා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව බෙදා වෙන්කර ඇත. 

ස්ත්‍රී පුර්ෂ සමාජභාවය සමාජය විසින් ම කරනු ලබන ගොඩනැංවීමක් බව වර්තමාන ලෝකයේ පිළිගැනීමයි. 

පුද්ගලයෙකුගේ ලිංගික දිශානතියේ මූලාරම්භය පිළිබඳ බොහෝ න්‍යායන් තිබේ. ඒ සඳහා ජානමය සහ හෝමෝනවල බලපෑම්, පාරිසරික බලපෑම් සහ සංජානන (චිත්තවේගීය) බලපෑම් ඇතැයි සැළකේ. බොහෝ මිනිසුන් තුළ, ලිංගික දිශානතිය කුඩා අවධියේදී හැඩගස්වා ඇත. 

LGBTIQ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

Lesbian – සමරිසි කාන්තාවන්

Gay – සමරිසි පිරිමි

Bisexual – ද්විරිසි පුද්ගලයන්

Trans – සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්

Intersex – අන්තර් ලිංගික

Queer – තමන්ගේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් සමාජභාවී අනන්‍යතාවක් පැහැදිළිව නොපෙන්වයි

බොහෝ පුද්ගලයන් සඳහා, ඔවුන්ගේ ලිංගික දිශානතිය මැදි ළමා වියේදී සහ නව යොවුන් වියේදී සහ බොහෝ අවස්ථාවලදී කිසිදු ලිංගික අත්දැකීමක් නොමැතිව පැහැදිලි වේ. නිදසුනක් වශයෙන්, සමලිංගිකයින් ඔවුන්ගේ ලිංගික සිතුවිලි සහ ක්‍රියාකාරකම් මෙම වයසේදී සමලිංගික පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරන බව දැන ගනී.

සමහර අය තමන් සමලිංගික, සමලිංගික හෝ ද්වීලිංගික බව බොහෝ කලක් තිස්සේ වෙනත් පුද්ගලයින් සමඟ සබඳතා ඇති කර ගැනීමට පෙර දනිති. සමහර පුද්ගලයන් ඔවුන්ගේ ලිංගික දිශානතියට පැහැදිලි ලේබලයක් පැවරීමට පෙර (සමලිංගික සහ/හෝ වෙනත් ලිංගික සහකරුවන් සමඟ) ලිංගික ක්‍රියාකාරකම්වල යෙදේ.

පුද්ගලයකුගේ ලිංගික දිශානතිය වෙනස් විය හැකියි. එය බලහත්කාරයෙන් හෝ ප්‍රතිකාර මගින් වෙනස් කිරීමට නොහැකියි. විශේෂත පාරිසරික තත්වයන් මත හෝ අවස්ථා මත වෙනස් වීමට හැකියි. විශේෂයෙන් ම බන්ධනාගාරගත වී සිටන පිරිමි පුද්ගලයකුට ස්ත්‍රියක් සමඟ සම්බන්ධතා පැවැත්විය නොහැකි බැවින් ටික කාලයක් යනවිට ඔහු තවත් පිරිමියකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන තත්වයට පත්විය හැකියි. එවැනි පුද්ගලයකු වුව ද බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි විට නැවත ස්ත්‍රී සමඟ සම්බන්ධතා වඩාත් ප්‍රිය කරනවා විය හැකි. ඔහුගේ ලිංගික දිශානතිය වෙනස් වීමට බලපාන ලද්දේ පරිසරයයි.

නැත, සමලිංගික, සමලිංගික සහ ද්වීලිංගික දිශානතිය ආබාධ නොවේ. විෂම ලිංගික හැසිරීම් සහ සමලිංගික හැසිරීම් යන දෙකම මිනිස් ලිංගිකත්වයේ සාමාන්‍ය අංගයන් ය. දෙකම විවිධ සංස්කෘතීන් සහ ඓතිහාසික යුගවල ලේඛනගත කර ඇත. මෙම දිශානතිය සාමාන්‍ය මිනිස් අත්දැකීම් නියෝජනය කරයි. සමලිංගික, සමලිංගික සහ ද්වීලිංගික සබඳතා සාමාන්‍ය ආකාරයේ මිනිස් බැඳීම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!