-0.6 C
New York

පාසල් අධ්‍යාපනයට තහංචි දමන, දහම් පාසල්

Published:

දහම් පාසල්වලට බාධා එල්ලවන ආකාරයේ කිසිදු වැඩසටහනක් පාසල්වල සංවිධානය නොකරන්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී ඇත.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම දැනුම් දීම කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් නිකුත් කළ ලිපියේ දැක්වේ.

පාසල් සිසුන් දහම් පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගී කරවාගැනීමේ වැදගත් කම අවධාරණය කරන ලෙස බුද්ධ ‍ශාසන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇත. දහම් පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් ද විවිධ පාර්ශවවලින් ඉල්ලීම් කිහිපයක් ඉදිිරිපත් වී ඇති බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

පාසල් වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය නම්, එම වැඩසටහන් දහම් පාසල් වේලාවන් සමඟ නොගැටෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී. ඉරිදා දිනවල වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද පාසල්වලට උපදෙස් දී ඇත.

Related articles

Recent articles

spot_img