-0.6 C
New York

ප්‍රමිතියෙන් තොර, තවත් ඖෂධ 13ක් භාවිතයෙන් ඉවතට

Published:

මෙරටට ගෙන්වන ලද තවත් ඖෂධ කාණ්ඩ 13ක් ප්‍රමිතියෙන් තොරවීම නිසා භාවිතයෙන් ඉවත්කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

මෙම ඖෂධ කාණ්ඩ 13 ඉවත්කර ඇත්තේ පසුගිය සති දෙකක කාලයේ දී ය.

පසුගිය සතියේ ඖෂධ කාණ්ඩ 08ක් ද මෙම සතියේ දී ඖෂධ කාණ්ඩ 05ක් ද එලෙස භාවිතයෙන් ඉවත්කර ඇත. පසුගිය සතියේ භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ කාණ්ඩ 08 සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එම පැමිණිල්ලෙන් ඔහු ඉල්ලා ඇත්තේ එම ඖෂධ කාණ්ඩ ගෙන්වීමට අනුමැතිය දුන් පුද්ගලයන් සහ අදාළ සමාගම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි.

මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කීවේය.

Related articles

Recent articles

spot_img