8.6 C
New York

සහල් ආනයනය අර්බුදයක

Published:

සහල් ආනයනය කිරීමට ලබා දී තිබූ කාලය ජනවාරි 10 වැනි දා දක්වා දීර්ඝ කරන බව රජය සඳහන් කළ ද,  ඊට අදාල ගැසට් පත්‍රය නිකුත් නොකිරීම හේතුවෙන් පසුගිය 20 වැනි දා සිට මෙරටට සහල් ආනයනය කිරීම ඇණහිට ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබූ කාලයේ දී සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කර තිබිණි.

රේගුව පවසන්නේ දෙසැම්බර් 20 වැනි දා අවසන් වූ සහල් ආනයනය කිරීමේ කාලය ජනවාරි 10 වැනි දා දක්වා දික්කිරීමේ ගැසට් පත්‍රය නිකුත් නොකිරීම නිසා ඒ අතරතුර කාලයේ දී මෙරට තවත් සහල් තොග ලැබුණ ද ඒවා වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවයි.

මේ අතර සහල් තොග නිසි පරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද (23) දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයෝ කියති.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළේය.

Related articles

Recent articles

spot_img