-0.6 C
New York

සහල් බදු අඩුකර, මිල අඩුකරන්න යැයි රජයෙන් ඉල්ලයි

Published:

සහල් ආනයනය කිරීමේ දී අයකරනු ලබන කිලෝ ග්‍රෑමයට රුපියල් 65.00ක බදු මුදල අඩුකරන්න යැයි වෙළෙන්දෝ රජයෙන් ඉල්ලා සිටිති.

එලෙස බදු අඩු කළහොත් පාලන මිලට සහල් ලබාදීමට හැකියාව ඇති බවයි.

පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල පැනවීම, පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් මෝල් වැටලීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය පසුගිය දා විවිධ පියවර අනුගමනය කළේය.

සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනයකර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල් වන අතර සෙසු මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් ය. 

මෙම සහල් තොග වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ඇත්තේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 65.00 බැගිනි.

Related articles

Recent articles

spot_img