2023 වර්ෂයේ දී දළ ජාතික නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබාදී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම ප්‍රමාණය 43.7%කි.
එසේ වුව ද මෙය වෙනත් වසරවලට සාපේක්ෂව අඩුවීමක් ඇති බව ද පෙනෙන්නට තිබේ.
සේවා සහ කර්මාන්ත අංශවලන් මේ සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත.
බස්නාහිර පළාත හැරුණු විට වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ වයඹ සහ මධ්‍යම පළාත් විසිනි. වයඹ පළාත 10.9% ක් ද මධ්‍යම පළාත් 10.3%ද ලෙස දායක වී තිබේ.
මහ බැංකු වාර්තාව අනුව බස්නාහිර පළාතේ දායක්ත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
කෘෂිකාර්මික කටයුුතවල දී නාමික දළ ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ වයඹ පළාත විසිනි. එම ප්‍රමාණය 19.6%කි. දකුණු පළාත 13.5%ක් ද මධ්‍යඹ 12.4%ක් වශයෙන් පළාත් පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළම දායකත්වය ලබා දී තිබේ.
මේ අතර 2023 වසරේදී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත ඉහළම දායකත්වයක් දක්වා ඇති අතර එහි අගය 48.7%කි.
ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබේ. වයඹ 12.3%ක් සහ මධ්‍යම 9.3%ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළම දායකත්වය වාර්තා කර ඇත.
එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් බවද මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.