-0.6 C
New York

බස් රථයක් පෙරළී තිදෙනකු මරුට

Published:

හැටන් නුවර ප්‍රධාන මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (21) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 30කට අධික පිරිසක් සිට ඇති අතර, තුවාලකරුවන් හැටන් රෝහලට ඇතුළත් කර තිබේ. බරපතල තුවාල ලැබූ කිහිපදෙනකු මහනුවර රෝහලට ඇතුලත්කර ඇත.

Related articles

Recent articles

spot_img