උපයනවිට බද්ද හෙවත් Payee tax ගෙවීම රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී කීවේය.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලැබුණු බව ද හෙතෙම පැවසීය.
එම බදු සංශෝධනයට අනුව ඉදිරියේ දී යම් පුද්ගලයකු උපයනවිට බදු ගෙවිය යුතු වන්නේ පහත ආකාරයෙනි.
| උපයන මුදල (රුපියල්) | මෙතෙක් ගෙවූ බද්ද (රුපියල්) | ඉදිරියේ දී ගෙවීමට ඇති බද්ද (රුපියල්) |
| 150,000.00 | 3,500.00 | 00 |
| 200,000.00 | 10,500.00 | 3,000.00 |
| 300,000.00 | 35,000.00 | 18,500.00 |
| 500,000.00 | 106,500.00 | 86,000.00 |



