spot_img
spot_imgspot_img

ජනාධිපති අරමුදල ගැන රනිල් කියූ කතාව

පුවත්

විදෙස්

තම පාලන කාලයේ දී ජනාධිපති අරමුදලේ මුදල් නීති විරෝධී ලෙස ලබා දී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2022 වසර අවසන්වනවිට, පැවති සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකල බවයි. ඒ සඳහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සඳහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇතැයි හිටපු ජනාධිපතිවරයා තම නිවේදනය මගින් පෙන්වා දෙයි.

මහජන නියෝජිතයන් පෞද්ගලිකව විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2022 ජූලි 31 වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් 21 වනදා වන විට රුපියල්  මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් දක්වා වැඩි වී තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!