9.2 C
New York

සතුන්ගෙන් බේරෙන්න, ඇමෙරිකාවේ සහය ඉල්ලයි

Published:

මෙතෙක් විසඳුමක් නොලැබුණු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් අද (18) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එහි දී වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා තාක්ෂණික සහ උපදේශක සහය ඇමෙරිකාවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.
දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළෙඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.
පොල්කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණය කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද ඇමෙරිකාවේ එකඟතාව හිමිව ඇත.
එමෙන්ම කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන අභියෝග ඵලදායී ආකාරයෙන් කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ද චූලි චන්ග් සිය කැමැත්ත පළකර තිබේ

Related articles

Recent articles

spot_img