spot_img
spot_imgspot_img

උපයන විට බදු අයකිරීම සංශෝධනයට රජය – IMF එකඟ වෙයි

පුවත්

විදෙස්

උපයන විට බදු අයකිරීමේ සීමාව රුපියල් 100,000.00 සිට රුපියල් 150,000.00ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවේ දී කීවේය.
“තුන්වෙනි සමාලෝචනය පටන්ගන්න අවස්ථාඅපි නැවත සාකච්ඡා කළා. ඒ අනුව එම බදු අයකිරීමේ සීමාව 150,000.00 දක්වා වැඩි කිරීමට එකඟතාවක් ඇතිකරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම 6%ක බද්දකට යටත් වනපරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 10ීීීී දක්වා සංශෝධනය ලබාගන්න අපි සමත් වුණා. ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්. රුපියල් 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්. රුපියල් 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්. රුපියල් 350,000ක් වැටුපක්  වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්”

ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත්, අඩු ආදායම් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස බදු මුදල් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇතිකරගැනීමට හැකි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!