spot_img
spot_imgspot_img

වාහන ගෙන්වා, රටේ ආර්ථිකය හදන බව ජනාධිපති කියයි

පුවත්

විදෙස්

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

“වාහන සමඟ ගොඩනැගුණු කර්මාන්තයක් තිබෙනවා. ව්‍යවසායකයියන් ඉන්නවා. ඒ නිසා දිගු කාලයක් මේ වාහන වෙළඳ පොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි කාණ්ඩ තුනක් අනුව වාහන ආනයනයට අවසර දීමට සැළසුම් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 14 වැනි දා සිට මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරන වාහන ගෙන්වීමට අවසර දී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන රථ සහ පුද්ගලික ප්‍රයෝජනයට අවශ්‍ය මෝටර් රථ ගෙන්වීමට 2025 පෙබරවාරි 01 දා සිට අවසර ලබාදීමට අපි සැළසුම් කර තිබෙනවා.”

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රට යළි ඩොලර් අර්බුදයකට ගමන් කරනු ඇතැයි සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැති බවයි. වාහන ආනයනය කිරීමට අවසර දීමෙන් කොපමණ ඩොලර් ප්‍රමාණයන් රටෙන් පිටතට යනු ඇත්ද යන්න ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කර, එය ආර්ථිකයට කෙසේ බලපාන්නේ ද යන්න සැළකිල්ලට ගෙන සැළසුම් කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ “රටේ ආර්ථිකය යළි කරකවන්න නම් උද්දීපනය කරන්න නම්, වාහන වෙළෙඳ පොළ විවෘත කළ යුතුයි” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!