spot_img
spot_imgspot_img

ජනාධිපති අරමුදලින්, මැති ඇමතිවරු සල්ලි ගත්තු හැටි

පුවත්

විදෙස්

මෙරට දිළිඳු ජනතාවට සහන සැළසීම සඳහා වෙන්කර ඇති ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිවරු රැසක් මුදල් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

දිළිඳු ජනතාවට සහන සැළසීමට, අධ්‍යාපනය හෝ දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘත සඳහා, ආගම නංවාලීඹ සඳහා, රාජ්‍යය වෙනුවෙන් සේවය කර ඇති තැනැත්තන්ට ප්‍රදානයන් ලබාදීමට ජනාධිපති හෝ මණ්ඩල විසින් ගන්නා ලද තීරණ අනුව යහපත වෙනුවෙන් ජනාධිපති අරමුදලේ මුදල් වෙන්කර ඇතත්, 2005-2024 දක්වා කාලයේ දී මැති ඇමතිවරුන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ පහත නම් සඳහන් පුද්ගලයන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දී ඇති බවයි.

ජගත් කුමාර – රු.  ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ  – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ  – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

පී. හැරිසන් 
පියසේන ගමගේ  
සුමේදා ජයසේන 
මනෝජ් සිරිසේන 
පී දයාරත්න 
එස්.සී මුතුකුමාරණ 
වාසුදේව නානායක්කාර 
එස් බී නාවින්න 

දයාසිරි පද්මකුමාර ජයසේකර
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය

අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලේ මුදල් වෙන්කිරීමේ පදනම යටතේ හිටපු මැති ඇමතිවරුන්ට මුදල් වෙන්කළේ කෙසේ ද යන්න තවදුරටත් සොයා බැලිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!