යාපනයේ වායු ගුණත්වය පිළිබඳ අඛණ්ඩව මාසයක් පුරා පරීක්ෂා කර එහි අහිතකර තත්වයක් තිබේ ද යන්න පිළිබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න යැයි අභියාචනාධිකරණය අද (17) ම්‍ධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.
මෙම නියෝගය කරන ලද්දේ යාපනයේ පදිංචි වෛද්‍යවරියක වන උමාසුකි නඩරාජා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකාබැලීමෙන් අනතුරුවය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල විසින් මේ නියෝගය නිකුත් කරන ලදී.
ඒම වාර්තාව අනුව යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය අහිතකර තත්වයක ඇත්නම් ඒ් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අධිකරණයට දැනුම් දෙන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්මද්‍රනාත් දාබරේ අධිකරණයට දැනුම් දුන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.
යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව දෙසින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥ දාබරේ ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් එය ඉටුවී නැතැයි ද සඳහන් කළේය.
මෙම පෙත්සසම යළි මාර්තු 06 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.