-0.6 C
New York

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් මෙන්න

Published:

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පවසන්නේ 2024 වර්ෂයේ මේ දක්වා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 1,448ක් යොදවා ඇති බවයි. ඉදිරියේ දී මාස 06කට වතාවක් සිදුකරනු ලබන ආරක්ෂක තක්සේරුවේ දී සුදුසු පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට  පොලිසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් ලබා දී ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 04ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ලබා දී ඇති බබවත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුාද‌ේ 188ක් සහ පොලිසියේ 22ක් යොදවා ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හමුදා නිලධාරීන් 57ක් සහ පොලිසියේ 60ක් ලබා දී ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරානායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට පොලිස් නිලධාරීන් 60ක් ද, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරිඳ හේමා ප්‍රේමදාසට පොලිස් නිලධාරීන් 10ක් ද මේ වනවීටත් ආරක්ෂාව සඳහා යොදවා තිබේ.

අමාත්‍යවරයා අනාවරණය කළේ පසුගිය මාස 11ක කාලයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවේන ත්‍රිවිධ හමුදාවෙන් රුපියල් මිලියසන 328ක්, පොලිසියෙන් රුපියල් මිලියන 327ක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් මිලියන 55ක් වශයෙන් රුපියල් මිලියන 710ක් වැය කර ඇති බවයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් රුපියල් මිලියන 06ක්, පොලිසියේන රුපියල් මිලියන 185ක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් මිලියන 207ක් වැය කර ඇති බව ද අමාත්‍යව විජේපාල කීවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව රුපියල් මිලියන 258ක්, පොලිසිය රුපියල් මිලියන 39ක් ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 10ක් වශයෙන් රුපියල් මිලියන 307ක් පසුගිය මාස 11ක කාලයේ දී වැය කර ඇතැයි ද වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක් පොලිසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලය රුපියල් මිලියන 03ක් වශයෙන් මාස තුනක කාලයේ දීරුපියල් මිලියන 82ක් වැයකර ඇති අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙනුවෙන් පොලිසිය රුපියල් මිලියන 99ක් සහ ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 12ක් වශයෙන් රුපීයල් මිලියන 111ක් වැය කර ඇත. හේමා ප්‍රේමදාස වෙනුවෙන් පොලිසිය මිලියන 30ක්, ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 03ක් ලෙස රුපියල් මිලියන 33ක වියදමක් දරා තිබේ.

Related articles

Recent articles

spot_img