-0.6 C
New York

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නය, සමථයට පත්වේද ?

Published:

2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති බැවින් ඒම විභාගය නැවත පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් යම් සමථයක් ඇත්නම් හෙට (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙන්න යැයි අද (17) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය කැඳවා තිබිණි.

එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් මෙම විභාගය පැවැත්විණි. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සිය කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළහ.

හෙට (18) දිනයේ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

යම් සමථයක් තිබේනම් හෙට දින අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

Related articles

Recent articles

spot_img