පාර්ලිමේන්තුව අද (17) උදෑසන රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දිවුරුම් දුන්හ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස ෆයිසර් මුස්තාෆා දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් දිවුරුම් දුන්හ.