spot_img
spot_imgspot_img

විදුලි බිලේ බලාපොරොත්තු සුන් වෙයි

පුවත්

විදෙස්

ජලවිදුලි උත්පාදනය ඉහළ ගොස් තිබිය දී විදුලි ගාස්තුව සංශෝධනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතුයැයි විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා ගොමිසමට දැනුම් දී තිබේ.

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු අඩු කර තිබිණි. මාර්තු මාසයේ දී 21.9%කින් සහ ජූලි මාසයේ 22.5%ක් ලෙසිනි. නැවත ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු වුව ද එය දෙසැම්බර් මාසය දක්වා කල් තැබිණි. ඔක්තෝබර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය කියා තිබුණේ 6%-11% ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බවයි. නමුත් එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ පවතින තත්වය මත ඊට වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බව පවසමිනි.

ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඊයේ (07) නැවත ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වුණේ ඉදිරි මාස 6 සඳහාද විදුලි ගාස්තු පහළ දැමීමකින් තොරව පවත්වාගෙන යා යුතු බවටයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ දැනට විදුලි ගාස්තුවේ සංශෝධනයක් සිදුකරන්නේ නම් එය සිදුකළ හැක්කේ 1.02%ක් වැනි අඩු ප්‍රතිශතයකින් බවට විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවයි.

පසුගිය දා ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ජලාශවල ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බැවින් මේ වනවිට ජාතික විදුලී පද්ධතියට විදුලි නිෂ්පාදනයෙන් 56%ක දායකත්වය ජල විදුලියෙන් ලැබෙයි. එබැවින් මෙවර වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩු කළ හැකිය යන්න බොහෝ පාර්ශව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන ජනවාරි මස 3 වැනි සතිය පමණ වනවිට ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!