-0.3 C
New York

මෙන්ඩිස් සමා‍ගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තහනම්

Published:

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන ලදී.

එම දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද සහ ඊට අදාළව 3%ක මාසික අධිභාරය වන රුපියල් මිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව හෙට (05) දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටවා ඇත.

ඒ අනුව මත්පැතන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එම හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත්කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර ද දෙසැම්බර් මස 31 දි‍නෙන් පසු දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

spot_img